CAPSULE HOUSE SRI LANKA

තාක්ෂණයේ පහසුවත් සොබාදහමේ සුවයත් එකට හමුවන විශ්‍රාම ගම්මානය

ලංකාවේ අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ රිටයර්මන්ට් ලයිෆ් එක. ඉස්සර වගේ නෙමේ දැන් ගොඩක් දෙමාපියොත් ලමයිනුත් හීන මවන්නේ ලමයින්ව කොහේ හරි රටක පදිංචියට යවන්නේ කොහොමද කියන එක. ගොඩක් ළමයින්ට හිත හදාගෙන මයිග්‍රේට් කරන්න බෑ - ආදරෙන් උස්මහත් කරපු දෙමාපියන් ගෙදර තනිකරලා හෝ මහලු මඩමක නතර කරලා. ගෙදර නතර කරන ඔප්ශන් එකට යන්න බෑ විස්වාශදායි හවුස්මේඩ් / හවුස්කීපර්ලා හොයන එක කලු නික හොයනව වගේ වැඩක් නිසා. අනික වයසක ජෝඩුවක් තනියෙම ගෙදරක ඉන්න එක රිස්ක් එකක්. තව එකක් ගෙදරක රෙපෙයාර් මේන්ටෙනන්ස් වලට මිනිස්සු හොයන එක හෙන වදයක්. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට කරන්න දෙයක් මගේ ලොකු හීනයක්. අවුරුදු ගානක් තිස්සේ හිතේ තියෙන ප්ලෑන් එකක්. “රිටයර්මන්ට් විලෙජ්” එකක්. නමුත් ඒකට රිටයර් වුනු අයම නෙමේ කැමති ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් තැනක්. ඒ නිසා ඒක “රිලැක්සේෂන් විලේජ්” එකක් කියලා කියන්න වඩා කැමතියි. ස්ටුඩියෝ ටයිප් හරි වන් බෙඩ් රූම් / ටූ බෙඩ් රූම් ටයිප් හරි වගේ ට්වින් චැලේස් විදිහට තියෙන්න ඕන (අනිවාර්යයෙන් AC තියෙන රූම්ස් වෙන්න ඕන අවශ්‍ය නම් මුලු ගෙදරම AC කරගන්න පුළුවන් වෙන්නෝන) මොකද ඉන්න අයට හිතෙන්න ඕන අපි අපේම වෙනම ගෙදරක ඉන්නවා මිසක් මහලු මඩමක ඉන්නවා නෙමෙයි කියලා. අඩි 10x10 වගේ වත් මිදුලක් ඕන කැමතිනම් මල් ගහක් හිටෝ ගන්න. විලේජ් එකේ මැද වෝකින් ඩිස්ටන්ස් එකකින් කමියුනිටි සෙන්ටර් එක තියෙනවා. ඒකේ ඉඳන් හැම පැත්තටම ස්ප්‍රෙඩ් උනු පොඩි පාරවල් දාලා පාර දෙපැත්තේ ගෙවල්. හැම ගේකටම කාර් පෝර්ච් එකක් ඕන.
මල් වත්තක් සහ වාහන නැවතුමක් සහිත කැබ්සූල් නිවසක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
කමියුනිටි සෙන්ටර් ඒකේ 1. කැරම්, දාම්, බිලියඩ්, ටේබල් ටෙනිස්, කාර්ඩ්, වීඩියෝ ගේම්ස් (එක්ස් බොක්ස් - ප්ලේ ස්ටේෂන්) සෙල්ලම් කරන්න පහසුකම් ඕන.
වැඩිහිටියන්ට විනෝදාස්වාද පහසුකම් සහිත ප්‍රජා මධ්‍යස්ථානයක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
2. අරක්කු බාර් එකක්, කූල් බාර් එකක්, බියර් ගාඩ්න් එකක් දාන්න ඕන. 3. මෙඩිකල් සෙන්ටර් එකක් තියෙන ඕන. ඩෙන්ටල් ක්ලින්ක් එකක් එක්කම. විසි හතර පැයේ ඩොක්ටර් කෙනෙක් නර්ස්ලා හෙල්පර්ස්ලා ඉන්න තැනක් වෙන්න ඕන. ගෙදකර ඉන්න කෙනෙක්ට ඉමජන්සි බෙල් එක ප්‍රෙස් කලාම මෙඩි සෙන්ටර් කට්ටිය ගෙන්න ගන්න පුලුවන් වෙන්න ඕන.
ප්‍රවේශ පහසුකම් සහිත වෛද්‍ය මධ්‍යස්ථානයක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
5. මිනි තියටර්ස් 1-2ක් ඕන. 6. ජිම් එකක් ඕන, සම්බා සුම්බා, යෝගා කරන්න පහසුකම් එක්ක.
යෝගා සහ සැහැල්ලු ව්‍යායාම මධ්‍යස්ථානයක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
7. මියුසික් රූම් එකක්, ඩාන්සින් රූම් එකක්, ආර්ට් රූම් එකක්, සෙවින්ග් රූම් එකක් (මැහුම් කාමරයක්), කාපෙන්ට්‍රි ශොප් එකක්, ක්‍රාෆ්ට් රූම් එකක්, ස්කල්ප්චර් (මූර්ති) රූම් එකක්, තියෙන්න ඕන. 8. ඒවා වල ක්‍රියේෂන්ස් කරලා ඒවා විකුනලා ගානක් හොයාගන්න ඉන්ඩෝ ඕපන් මාකට් එකක්, ඒකේ The good market වගේ වීක්ලි පොලවල් තියන්න ඕන
අත්කම් වැඩමුළුව සහ සතිපොළ සංකල්ප රූපය
සංකල්ප රූපයක්
9. මිනි මාර්ට් එකක් / බුටික් එකක් / ෆ්ලවර් ශොප් එකක් මේල් - ෆීමේල් සැලූන්, Nail spa, spa,Sauna, ස්ටීම් රූම් පහසුකම් තියෙන්න ඕන. 11. උයාගෙන කාල එපා වුනාම ගිහින් කන්න ෆුඩ් වැරෑටීස් ගොඩක් තියෙන රෙස්ටෝරන්ට් එකක් තියෙන්න ඕන පාර්ටි හෝල් එකක් එක්ක. 12. ලංකාවේ හරි පිටරට හරි ඉන්න ලමයි අපිව බලන්න අවහම එයාලට ඉන්න පේඩ් ගෙස්ට් රූම්ස් තියෙන්න ඕන.
අවන්හල සහ අමුත්තන්ගේ කැබින් සංකල්ප රූපය
සංකල්ප රූපයක්
14. ජොගින් පාත් එකක්, ෆුට් බයික් පාත් එකක් තියෙන්න ඕන 16. ලයිබ්‍රරි එකක් තියෙන්න ඕන 18. ස්විමින්ග් පූල් එකක් ඕන 19. ආටිෆිෂල් හරි නාන පීල්ලක් / දොළක් තියෙන්න ඕන, මාලු අල්ලන්න පොඩි ලේක් එකක් තියෙන්න ඕන.
ප්‍රවේශ පහසුකම් සහිත පිහිනුම් තටාකය සහ පොකුණ සංකල්ප රූපය
සංකල්ප රූපයක්
20. බොඩි මසාජ් - ෆූට් මසාජ් තියෙන ස්පා එකක් ඕන 21. රිටයර් වුනත් ෆ්‍රී ලාන්ස් වැඩ කරන්න කැමති අයට ක්ලයන්ට්ලා මීට් වෙන්න මීටින් රූම්, ඔෆිස් රූම් පහසුකම් තියෙන්න ඕන 22. ටීචින් ලෙක්චර්ස් කරන්න කැමති අයට ඒවා කරන්න ක්ලාස් රූම් එකක් තියෙන්න ඕන. 23. ෆාමින් කරන්න කැමති අයට වගා කරන්න ඉඩක් තියෙන්න ඕන.කංකුන් මුකුනුවැන්න හිටුකොල නෙමේ කැමති දෙයක් හිටව ගන්න ස්පේස් එකක් වෙන් කරගෙන් ඒකේ තමන් කැමති දෙයක් හිටවන්න පුලුවන් වෙන්න් ඕන. 24. කිරි ගන්න එළදෙනුන්, බිත්තර ගන්න කිකිලියො, තාරාවෝ ඉන්න පොඩි බාන් එකක් / ෆාම් හවුස් එකක් තියෙන්න ඕන.
එළවළු පාත්ති සහ මල් අතරින් කැබින් නිවසට යන මාර්ගයක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
25. පුලුවන් නම් ලේන් දෙකක හරි බෝලින් සෙන්ටර් එකක් තියෙන්න ඕන. 26. පේරාදෙණිය කැම්පස් එකේ වල වගේ ලොකු නැතත් ඇම්පිතියටර් එකක් තියෙන්න ඕන 27. නුග ගස් කීපයක්, නාගස් කීපයක්, බට පඳුරු කීපයක් තියෙන්න ඕන 28. සෙට් වෙන ගේම එකට (ටෙනිස්, බැඩ්මින්ටන්, වොලිබෝල්, බාස්කට් බෝල්) අනුව කන්වර්ට් කරන්න පුලුවන් මල්ටි ෆන්ක්ශන් ස්පෝට් හෝල් එකක් තියෙන්න ඕන 29. නිදහසේ පොතක් කියවන පැදුරු එළපු මැටි පිලක් තියෙන මැටි ගෙයක්, දෙකක් තියෙන්න ඕන. තනියෙම කෝපි එකක් තේ එකක් බිබී හෙඩ් සෙට් දාගෙන සිංදු අහන්න මැටි සහ ලී වලින් හදපු අඩ අඳුර තියෙන රිලැක්සින් ස්පේස් එකක් තියෙන්න ඕන 30. ට්‍රී හවුස් දෙකක් තුනක් තියෙන්න ඕන - ඒවා ජොයින් කරපු වැල් පාලම් එක්ක
මැටි සහ ලී කියවීමේ අවකාශය හා ගස් නිවාස සංකල්ප රූපය
සංකල්ප රූපයක්
31. බාබකියු ලොකේෂන් එකක් - දෙකක් තියෙන්න ඕන 32. සරල ඇඩ්වෙන්චර්ස් කීපයක් (ක්ලයිම්බින්, රෝප් ස්වින්ගින් වගේ) තියෙන පොඩි ඇඩ්වෙන්චර් පාක් එකක් තියෙන්න ඕන. උස ඔංචිල්ලා කීපයක් ඕන. රවුම් ඔංචිල්ලා හැමොක් කීපයක් ඕන පැද්දි පැද්දි පොත් කියවන්න 33. පොඩි හරි මල් වත්තකුත් තියෙන්න ඕන 34. ගැසිබෝ / සමර් හට් කීපයක් තියෙන්න ඕන
නිස්කලංක උද්‍යානයක් සහ ගැසිබෝවක සංකල්ප රූපය
සංකල්ප රූපයක්
35. ලංකාවේ වැවෙන හැම ජාතියෙම පළතුරු තියෙන වත්තක් වෙන්න ඕන 36. හැම තැනකටම වීල් චෙයා එකකින් යන්න පහසුකම් තියෙන්න ඕන කොටින්ම අවුරුදු පහේදි ස්කෝලේ යන්න ගත්තු දා ඉඳන් 60-65දී රිටයර් වෙන කම් දුවපු නන් ස්ටොප් දිවිල්ලේ හති අරින්න ඕන කරන ඔක්කෝම පහසුකම් තියෙන තැනක් !
Relaxation Village සංකල්ප සැලැස්ම

Relaxation Village · ඔබේ උනන්දුව ලියාපදිංචි කරන්න

මෙය දැනට සැලසුම් මට්ටමේ යෝජනාවකි. පහත පාර්ශ්ව තුනෙන් ඔබට ගැළපෙන එක තෝරන්න. මෙහි මුදල් භාරගැනීමක් හෝ නිවාස වෙන්කිරීමක් සිදු නොවේ.

* ලකුණ ඇති විස්තර අනිවාර්යයි. අයදුම් කිරීමට login වීම අවශ්‍යයි.

නිවසක් ගැනීමට කැමති අය / Home interest · Login →

ඉඩම් හිමියා / Landowner · Login →

මෙහෙයුම්කරු / Operator · Login →